Sunday, September 27, 2026
Homeදේශීයපාසලක බඹරයක් ඇවිස්සී ළමුන් 17ක් රෝහලේ..

පාසලක බඹරයක් ඇවිස්සී ළමුන් 17ක් රෝහලේ..

මැදවච්චිය, කඩවත්ගම ප්‍රදේශයේ පාසලක තිබූ බඹරයක් රිළවුන් විසින් ඇවිස්සීම හේතුවෙන් අමතර පන්ති සඳහා පැමිණ සිටි ළමුන් 17 දෙනෙක් තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (27) දහවල් සිදුවූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ ළමුන් අතර පිරිමි ළමුන් 10ක් සහ ගැහැණු ළමුන් 07 දෙනෙකු සිටින බව පොලිසිය පවසනවා.

ඉන් එක් ළමයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහල වෙත මාරු කර යවා ඇත.

තුවාල ලැබූ ළමුන් වයස අවුරුදු 11ත් 16ත් අතර වයස්වල පසුවන කඩවත්ගම ප්‍රදේශයේ දරුවන් වේ.

මැදවච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   සාමන්‍ය පෙළට පෙනී සිටින දරුවන්ට නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්