දේශීය

13 ගැන සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම අරමුණයි – ජනපති


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ථ රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික සමුළුව අමතමින්.

file

ජාතික සංහිඳියා වැඩසටහන සහ උතුර- නැගෙනහිර සංවර්ධන සැලැස්ම පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා තිබුණා.

පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද නොතිබූ බව සිහිපත් කර ඇති ජනාධිපතිවරයා පවතින ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුව සතුව බවත්, තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බවත් සඳහන් කර ඇත.

එසේම පාර්ලිමේන්තුවේ එක් ඡන්දයක් පමණක් ඇති තමාට එම කාර්ය තනිව සිදු කළ නොහැකි බවත්, මෙම කටයුතු ඉදිරියට ගෙන යාමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුදෙනා සාමුහිකව කැපවී ක්‍රියා කළයුතු බවත් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

පළාත් සභා නවයෙන් හතක්ම තිබෙන්නේ සිංහල ජනතාව වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ වල බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යාමට අපේක්ෂා කරනවා නම් මේ වන විටත් අත්දැක ඇති අඩුපාඩු සකස් කළ යුතු බව ප්‍රකාශ කළා.

පළමු ලැයිස්තුවට ඇතුළත් පළාත් සභා සතු විය යුතු විෂය කිහිපයක් මධ්‍යම රජය යටතේ පවතින බවත් එබැවින් එම බලතල මෙන්ම කෘෂිකර්මාන්තය, සංචාරක වැනි ක්ෂේත්‍රවල බිම් මට්ටමේ කටයුතු පවත්වාගෙන යාමේ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවයි ඒ මහතා පැවසුවේ.

මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ රට වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බවත් පළාත් සභා වෙත සෑම ක්ෂේත්‍රයකම සංවර්ධන කටයුතු සඳහා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයෙහි දැක්වෙන ආකාරයට පළාත් සභා වෙත පොලිස් බලතල ලබාදීම සම්බන්ධව සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර තීන්දුවක් ගත යුතු බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

පළාත් සභා මන්ත්‍රීවරුන්ට එම ධූරය තබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමේ අවස්ථාව සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එම මන්ත්‍රී ධූරය තබාගෙන පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමට හැකියාව ලැබෙන ආකාරයට කටයුතු සකස් කරන ලෙස යෝජනා වී ඇති බවත්, ඒ පිළිබඳව ද සාකච්ඡා කර තීන්දුවක් ගත හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago