Wednesday, June 3, 2026
Homeදේශීයසජබය සර්වපාක්ෂික සමුළුවට සහභාගීවීමට තීරණය කරයි..

සජබය සර්වපාක්ෂික සමුළුවට සහභාගීවීමට තීරණය කරයි..

ජනාධිපතිවරයා විසින් කැඳවණු ලැබූ සර්වපාක්ෂික සමුළුවට පැමිණීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද (25) බිබිල ,මැදගම ජාතික පාසලට බස් රථයක් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.

පවත්වන සාකච්ඡාව පිළිබඳ අරමුණක්, න්‍යායපත්‍රයක් ප්‍රකාශ කර නැතත් රටට යහපතක් වෙනවා නම් ජනතාව වෙනුවෙන් ඕනෑම සාකච්ඡාවකට සහභාගී වන බව විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

READ:   ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුව ගැන සජබෙන් විශේෂ ලිපියක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්