Sunday, April 19, 2026
Homeදේශීයහිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තර තනතුරක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට ජාත්‍යන්තර තනතුරක්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපති ධුරයට පත්ව තිබෙනවා.

කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර, 2023 ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වූ විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්‍යන්තර නායකත්ව සමුළුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සාමය සඳහා වන ජාත්‍යන්තර සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිණමා ඇත.

ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019දී පැවැත්වුණු ලෝක සාම සමුළුවෙන් පසු ජාත්‍යන්තර සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්‍රකාශයට පත් කෙරුනු අතර එහි ප්‍රධාන අරමුණු ලෙස ප්‍රජාතන්ත්‍රවාදය, තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය හඳුනා ගෙන ඇත.

ලොව පුරා රටවල් 110ක පමණ රාජ්‍ය නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්‍රියාකාරීන්, ජනමාධවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරයි.

READ:   ඉතාලියේ හිටපු අගමැති මියයයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්