දේශීය

පාසල් දහසකට ෆයිබර් ඔප්ටික් අන්තර්ජාල පහසුකම්

පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් නව පාසල් දහසකට නව සන්නිවේදන පහසුකමක් වූ ෆයිබර් ඔප්ටික් (Fiber Optic Connection) හා අවශ්‍ය පරිදි විදුලිබල පහසුකම් ලබා දීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ඩිප්ලෝමා හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

එම පහසුකම් ලබා දී පාසල් පද්ධතියේ මෙන් ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ද වෘත්තීය නැඹුරුවකින් යුත් පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ හැදෑරීම සඳහා ප්‍රතිඵල අපේක්ෂාවෙන් පසු වන මාස තුනක පමණ කාලයේ දී අභිමත වෘත්තීය පාඨමාලාවක් පාසල තුළ දී ම හැදෑරීමේ අවස්ථාව දීපව්‍යාප්ත මට්ටමින් සිසුන්ට හිමි කර දීමට ඉදිරියේ දී අපේක්ෂා කරන බවත් එමගින් උසස් පෙළ හැදෑරුවත් නැතත් සිය ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සාක්ෂරතාවක් සිසුන්ට ලද හැකි බවයි ඒ මහතා සඳහන් කර ඇත්තේ.

විදෙස්ගත ව පවතින පුහුණු ශ්‍රම ඉල්ලුමට සරිලන පුහුණුවක් ලබා දිය හැකි පරිදි දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථානවලින් පාඨමාලා හැදෑරීමේ දී එහි කාලය අඩු කරගැනීමට ද පාසලේ දී මූලික ව ලබන මෙම වෘත්තීය පුහුණු පාඨමාලා කාලය ඉවහල් කරගත හැකි බව ඔහු පවසනවා.

තෘතීය අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක් නොව පාසල් පද්ධතිය තුළින් ද නිපුණතා සපිරි තරුණ පිරිසක් රටට දායාද කළ යුතු අතර ඒ සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය මුසු කරගත් කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් හා ගැළපූ නව ඉගැන්නුම් ක්‍රමවේද හඳුන්වා දෙමින් දැනුම යාවත්කාලීන ගුරු පුහුණු අවස්ථා සහිත ව පුළුල් වෙනසක් කරා වේගයෙන් ගමන් කළ යුතුව පවතින බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

7 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

7 days ago