දේශීය

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ..

බලංගොඩ, බුලත්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහරදීමක් හේතුවෙන් බලංගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම පහරදීම සිදුව තිබේ.

පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ රාස්සගල පාර, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ සවස සැකකරු සහ ඔහුගේ පුතා, ඥාතීන් දෙදෙනෙකුද සමඟ පැමිණ මරණකරුට තියුණු ආයුධයකින් හා පොලුවලින් පහරදී ඇති අතර පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කරමින් සිටියදී පහර කෑ පුද්ගලයා මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 68ක් වන එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ පුතා සහ තවත් සැකකරුවකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago