දේශීය

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ..

බලංගොඩ, බුලත්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහරදීමක් හේතුවෙන් බලංගොඩ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම පහරදීම සිදුව තිබේ.

පහරදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ රාස්සගල පාර, බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඊයේ සවස සැකකරු සහ ඔහුගේ පුතා, ඥාතීන් දෙදෙනෙකුද සමඟ පැමිණ මරණකරුට තියුණු ආයුධයකින් හා පොලුවලින් පහරදී ඇති අතර පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගත කරමින් සිටියදී පහර කෑ පුද්ගලයා මියගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 68ක් වන එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු, ඔහුගේ පුතා සහ තවත් සැකකරුවකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

18 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

19 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago