Monday, September 14, 2026
HomeදේශීයNine arch (ආරුක්කු නවය) ප්‍රදේශයේ හදිසි ගින්නක්

Nine arch (ආරුක්කු නවය) ප්‍රදේශයේ හදිසි ගින්නක්

දෝව සුදර්ශි පාසලට ඉහළින් ඇති රක්ෂිත ප්‍රදේශයේ ඊයේ (23) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මේ අතර ආරුක්කු 09 සහ ආරුක්කු 03 ප්‍රදේශයන්ට ඉහළින් පිහිටි කඳු රක්ෂිත කොටසේ ද හදිසි ගින්නක් හට ගෙන ඇති බව ඇල්ල පොලිසිය පවසනවා.

ප්‍රදේශවාසීන්, පොලීසිය, යුධ හමුදාව, ගුවන් හමුදාව හා බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවන ඒකකය ද එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වෙනවා.

ගින්නෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති අතර ඇල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   මහනුවර ඇසළ පෙරහැර අදින් ඇරඹෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්