Categories: දේශීය

මහ බැංකු ප්‍රහාරයට වරදකරු වූ හිටපු LTTE සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකුට ජනපති සමාව

පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් 1996 වසරේ ශ්‍රී ලංකා මහබැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් නියම වී සිටි හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබේ.

ඔහුට හිමිව තිබූ සිර දඬුවම වසර 200ක්.

සෙල්ලයියා නවරත්නම් නමැති මෙම පුද්ගලයාට අමතරව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි එස්.සන්මුගරාජා නමැති තවත් හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අනුව පසුගිය 18 වැනිදා ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාළව මහාධිකරණයෙන් වසර දෙසීයක සිරදඬුවම් නියමව පසුව අභියාචනාධිකරණයෙන් දඬුවම තහවුරු කර තිබූ සෙල්ලයියා නවරත්නම්ගේ වයස මේ වනවිට අවුරුදු 69ක්.

යහපත් කල්ක්‍රියාව මත පදනම්ව ඔහුට ජනාධිපති සමාව පිරිනමා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර, ජනාධිපති සමාව හිමිවූ 56 හැවිරිදි එස්.සන්මුගරාජා නැමැත්තා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි අයෙක්.

LTTE සංවිධානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ චෝදනා මත ඔහු වරදකරු වී තිබුණා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago