Categories: දේශීය

මහ බැංකු ප්‍රහාරයට වරදකරු වූ හිටපු LTTE සාමාජිකයෙකු ඇතුළු දෙදෙනෙකුට ජනපති සමාව

පුද්ගලයින් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් 1996 වසරේ ශ්‍රී ලංකා මහබැංකුවට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් නියම වී සිටි හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව පිරිනමා තිබේ.

ඔහුට හිමිව තිබූ සිර දඬුවම වසර 200ක්.

සෙල්ලයියා නවරත්නම් නමැති මෙම පුද්ගලයාට අමතරව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි එස්.සන්මුගරාජා නමැති තවත් හිටපු LTTE සාමාජිකයෙකුට ජනාධිපති සමාව ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අනුව පසුගිය 18 වැනිදා ඔවුන් බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට අදාළව මහාධිකරණයෙන් වසර දෙසීයක සිරදඬුවම් නියමව පසුව අභියාචනාධිකරණයෙන් දඬුවම තහවුරු කර තිබූ සෙල්ලයියා නවරත්නම්ගේ වයස මේ වනවිට අවුරුදු 69ක්.

යහපත් කල්ක්‍රියාව මත පදනම්ව ඔහුට ජනාධිපති සමාව පිරිනමා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියා.

මේ අතර, ජනාධිපති සමාව හිමිවූ 56 හැවිරිදි එස්.සන්මුගරාජා නැමැත්තා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටි අයෙක්.

LTTE සංවිධානයට භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ චෝදනා මත ඔහු වරදකරු වී තිබුණා.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

8 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

8 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

9 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

9 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

10 hours ago