Saturday, April 18, 2026
Homeක්‍රීඩාපාකිස්තානය ජය ගනී..

පාකිස්තානය ජය ගනී..

සත්කාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 04 කින් ජය ගැනීමට පාකිස්තානය අද සමත් වුණා.

ජයග්‍රාහණය සඳහා අවසන් ඉනිමට ලබා ගතව තිබූ ලකුණු 131ක ඉලක්කය කඩලු 06 පමණක් දැවී රැස්කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

මෙහිදී ඉමාම් උල් හක් නොදැවී ලකුණු 50ක් ලබාගත්තා.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 461ක් ලබාගත්තා.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළේ ලකුණු 279ක් පමණයි.

ඒ අනුව තරගය ජයග්‍රහණයට පාකිස්තානය කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 131ක්.

එම ඉලක්කය පසුකර යමින් ශ්‍රී ලංකාව සමග පැවති පළමු තරගයේ ජය පාකිස්ථානය හිමිකර ගත්තා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

READ:   පාකිස්තානය දිනය අවසානයේ ලකුණු 145 යි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්