file
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.
තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම ඊයේ (19) දිනය නිමා වන විට කඩුලු 03ක් දැවී ලකුණු 48ක් ලබා ගෙන සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 312ක් රැස් කළා.
ඊට පිළිතුරු වශයෙන් පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 461ක් රැස් කර ගත්තා.
ඉන් අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 279ක් පමණයි.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා පාකිස්තානයට හිමි වූ ඉලක්කය ලකුණු 131ක්.
ඒ අනුව තරගයේ පස්වන දිනය වන අද සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායමට තරගය ජය ගැනීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 83 ක් පමණයි.
ඒ සඳහා තවත් කඩුලු 07ක් ඔවුන්ට ඉතිරිව තිබේ.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…