file
දළදා මාලිගාව සතර මහා දේවාල සහ පිටිසර දේවාලවල කටයුතු සඳහා සහන සැලසීමට මැදිහත්වෙන ලෙස මන්ත්‍රීවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ සඳහා වූ විශේෂ ලිපිය අගමැතිවරයාට භාරදීම අද (20) සිදුකෙරුණා.
දළදා මාලිගාව ,සතර මහා දේවාල සහ පිටිසර දේවාල සඳහා විදුලිය ජලය ආදියට වැයවන පිරිවැය සහ ඒවා යෙහි
පෙරහැර අලංකරණ නැටුම් වැයුම් ආශ්‍රිත වැය ශීර්ෂ පියවා ගැනීමට, සුදුසු දිගුකාලීන ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් මෙම ලිපියෙන් අගමැතිවරයාට පවසා සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් සහිතව කරන ලද මෙම ඉල්ලීම භාර දීමේ අවස්ථාවට
වෛද්‍ය තිලක් රාජපක්ෂ
මහාචාර්ය චන්න ජයසුමන
වෛද්‍ය උපුල් ගලප්පත්ති
ජයන්ත සමරවීර
ගාමිණී වලේබොඩ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් එක්ව සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා මහතා විසින් ලිපිය අගමැතිවරයා වෙත භාරදීම සිදු කළා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…