Sunday, September 13, 2026
Homeදේශීයවැඩබලන අමාත්‍යවරුන් පස්දෙනෙක් පත් කෙරේ..

වැඩබලන අමාත්‍යවරුන් පස්දෙනෙක් පත් කෙරේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද (20) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බැවින් ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර වන එම කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙසද, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසද පත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය

READ:   උතුම් පොසොන් පොහොය අදයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්