file
පහරකෑමට ලක්වූ පොස්පෙට් සැපයුම් නිලධාරියා ගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙනවා.
ඉකුත් 17 වනදා එම ආයතන පරිශ්‍රය තුළදී අදාළ නිලධාරියා පහර කෑමකට ලක්ව තිබුණා.
අදාළ සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් වැඩ තහනමට අදාළ ලිපිය නිකුත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
කාර්මාන්ත අමාත්‍ය චාමර සම්පත් අමාත්‍යවරයා පසුගියදා එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහිදී කර්මාන්ත ශාලාවේ තිබූ යන්ත්‍රයක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විමසා සිටින අතර එහිදී ඔහු එහි සිටි නිලධාරියෙකුට චෝදනා කර සිටියා.
එම යන්ත්‍රය ගෙන ඒම පිළිබඳව තමන් අනුමත කිරීමක් නොකළ බවත් ඉහළින් ලැබුණු තීරණ පමණක් රාජකාරි සීමාව තුළ ක්‍රියාත්මක කර ඇති බවත් නිලධාරියා පවසා සිටියා. එ නිසා එම යන්ත්‍රය පිළිබඳව වගකීමක් තමාට භාර ගත නොහැකි බව අදාළ නිලධාරියා පැවසුවා.
එහිදී දැඩිව ඔහුට චෝදනා කළ අමාත්‍යවරයා ඔහුගේ වැඩ තහනම් කර දමන ලෙස නිලධාරීන්ට ප්‍රකාශ කරන ආකාරය විඩියෝවෙහි දැක්වේ.
සංවාදය අතර කිසියම් පුද්ගලයෙකුගේ අදාළ නිලධාරියාට පහර දෙන ආකාරය ද විඩියෝවෙහි දක්නට ලැබුණා.
එම විඩියෝව පහතින්,
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…