file
වහාම සෞඛ්‍ය ක්ශේත්‍රයේ ඇති ගැටළුවලට විසදුම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඇමතිවරු වෙනස් කිරීමෙන් පමණක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු නොවිසදෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කර සිටිනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැරදි සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා යම් වැරැද්දක් සිදුවී ඇත්නම් එම වැරදිකරුවන්ට නීතිමය පියවර ගත යුතු බවයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්.
“ඉතිහාසය බලද්දී මෙම ගැටලුව මතු වූ පළමු අවස්ථාව මෙය නොවන බැවින් දැඩි ස්ථාවරයක් ගත යුතුය,” ඒ වගේම මේ සදහා කෙටිකාලීන විසදුම් නොව ස්ථාවර හා දීර්ඝකාලීන විසදුම් ලබාදිය යුතුබවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනස් කළ යුතු දැයි විමසූ විට රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ අමාත්‍යවරුන් මාරු කිරීමෙන් පමණක් ගැටලු විසඳිය නොහැකි බවයි.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…