ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ තුන්වන දිනය අද යි.
තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
මෙහිදී පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 461 රැස් කර ගැනීමට සමත් වුණා.
පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ Saud Shakeel ලකුණු 208ක් රැස් කළා.
ඒ හතරේ පහර 19ක් ද සමගින්.
Agha Salman ලකුණු 83යි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් Ramesh Mendis කඩුලු 05ක් දවා ගත්තා.
මේ අතර ප්‍රභාත් ජයසූරිය කඩුලු 03ක් දවාගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට ලකුණු 312ක් රැස් කළා.
ඒ අනුව පාකිස්ථානය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටිනවා.


