දේශීය

ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ සභාපති සහ ක්‍රීඩා ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණි ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ උමාර් ක්‍රෙම්ලීව් (Umar Kremlev) මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමුව තිබෙනවා.

මෙම හමුව අද (17) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.

ජාති, ආගම්, දේශපාලන බේදයකින් තොරව මධ්‍යස්ථව සෑම දෙනා සමග කටයුතු කරන බවත් වංචාවෙන් තොර ආයතන ව්‍යූහයක් පවත්වාගෙන යාමට කැපවෙන බවත් බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා මෙහිදී පවසා ඇත.

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර බොක්සිං පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳ ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

වෘත්තීය වශයෙන් බොක්සිං ක්‍රීඩාව ප්‍රචලිත කිරීම තම සංගමයේ අරමුණ බව සම්මේලනයේ සභාපතිවරයා පවසා ඇත.

මෙරට බොක්සිං ක්‍රීඩාව පවත්වාගෙන යන පාසල් 100ක් සඳහ සහ අලුතින් හඳුනාගත් පාසල් 30කට බොක්සිං ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව ඒ මහතා අමාත්‍යවරයාට පවසා තිබෙනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

5 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

5 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago