දිවයිනට පැමිණි ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ උමාර් ක්‍රෙම්ලීව් (Umar Kremlev) මහතා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමුව තිබෙනවා.
මෙම හමුව අද (17) ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී පවත්වා තිබේ.
ජාති, ආගම්, දේශපාලන බේදයකින් තොරව මධ්‍යස්ථව සෑම දෙනා සමග කටයුතු කරන බවත් වංචාවෙන් තොර ආයතන ව්‍යූහයක් පවත්වාගෙන යාමට කැපවෙන බවත් බොක්සිං සම්මේලනයේ සභාපතිවරයා මෙහිදී පවසා ඇත.
ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර බොක්සිං පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳ ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
වෘත්තීය වශයෙන් බොක්සිං ක්‍රීඩාව ප්‍රචලිත කිරීම තම සංගමයේ අරමුණ බව සම්මේලනයේ සභාපතිවරයා පවසා ඇත.
මෙරට බොක්සිං ක්‍රීඩාව පවත්වාගෙන යන පාසල් 100ක් සඳහ සහ අලුතින් හඳුනාගත් පාසල් 30කට බොක්සිං ක්‍රීඩාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන බව ඒ මහතා අමාත්‍යවරයාට පවසා තිබෙනවා.


