රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යාවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල් ආර්ථික ස්ථායීකරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී භාරදුන් අවස්ථාවේ දී.
රජය වැය කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතු නමුත් බොහෝ විට එය රාජ්‍ය වියදම් ක්‍රියාවලිය තුළ සිදු නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම් අමතක කිරීම පමණක් නොව කිසිදු ප්‍රතිලාභයක් නොමැති කටයුතු සඳහා රාජ්‍ය මුදල් සීමාවකින් තොරව වැය කිරීම ද මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ බව කියා සිටියා.
එසේම පසුගිය වසර දෙක, තුන තුළ මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළ සංවාදයක් සිදු නොවිම අද රටේ මතුව ඇති මූල්‍ය ගැටලුවලට ප්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආදායම් බදු මෙන්ම රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මේ වන විට පාර්ලිමේන්තුව තුළ කමිටු ගණාවක් පත් කර තිබෙන බව පැවසුවා.
අදාළ කමිටු වාර්තාව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා විධිමත් පරිසරයක් නිර්මාණය කිරීම, රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීම සහ ඒ සඳහා ඩිජිටල් ආර්ථික පසුබිමක් සකස් කිරීමට අදාළ යෝජනා මෙම වාර්තාවට ඇතුළත් වේ.
මෙම යෝජනා තවදුරටත් සාකච්ඡාවට බඳුන්කර ක්‍රම සහ විදි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට උපදෙස් ලබා දී තිබේ.


