file
ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව තිබූ වටිනා වාලම්පුරියක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු ජා ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අඟල් 14ක් පමණ දිග ඇති වාමාවර්ත කැරකී ඇති දුඹුරු සහ සුදු පැහැති වාලම්පුරියක් මෙලෙස විකිණීමට සුදානම් කර තිබූ බව පොලිසිය පවසනවා.
සැකකරුවන් පැමිණ සිටි කැබ් රථය හා යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඊයේ (12) සවස මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 30,32,48 සහ 59 යන වයස්වල පසුවන කිරිඳවල, නිට්ටඹුව, අංගොඩ හා මාලිගාකන්ද යන ප්‍රද්ශවල පදිංචිකරුවන් වේ.
අත්අඩංගුවට පත්වූ සැකකාරියන් වයස අවුරුදු 26 හා 58 යන වයස්වල පසුවන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙකි.
සැකකරුවන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජා ඇල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…