දේශීය

මිලියන ගාණකට වාලම්පුරියක් අලෙවීකිරීමට ගිය පිරිසක් අත්අඩංගුවට

ජා ඇල නගරයේදී රුපියල් ලක්ෂ 56ක මුදලකට අලෙවි කිරීමට සූදානම්ව තිබූ වටිනා වාලම්පුරියක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු ජා ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඟල් 14ක් පමණ දිග ඇති වාමාවර්ත කැරකී ඇති දුඹුරු සහ සුදු පැහැති වාලම්පුරියක් මෙලෙස විකිණීමට සුදානම් කර තිබූ බව පොලිසිය පවසනවා.

සැකකරුවන් පැමිණ සිටි කැබ් රථය හා යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඊයේ (12) සවස මෙලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 30,32,48 සහ 59 යන වයස්වල පසුවන කිරිඳවල, නිට්ටඹුව, අංගොඩ හා මාලිගාකන්ද යන ප්‍රද්ශවල පදිංචිකරුවන් වේ.

අත්අඩංගුවට පත්වූ සැකකාරියන් වයස අවුරුදු 26 හා 58 යන වයස්වල පසුවන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියන් දෙදෙනෙකි.

සැකකරුවන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජා ඇල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

file
file

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

2 days ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

2 days ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

3 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

3 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

5 days ago