file
උදරයේ ආබාධක් හේතුවෙන් ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය 21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා අදහස් පළ කළා.
මියගිය තරුණියට කිසිදු ආකාරයකින් අධිමාත්‍රා ඖෂධයක් හෝ වැරදි ඖෂධයක් ලබාදීමක් සිදුව නොමැති බව ඒ මහතා අවධාරණය කර සිටියා.
තරුණියගේ ආන්දෝලනාත්මක මියයාම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (13) පැවති මධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
තරුණියට ලබා දී ඇති Ceftriaxone නැමති ප්‍රතිජීවක ඖෂධය පේරාදෙණිය ඇතුළු ලංකාවේ සියලු රෝහල්වල රෝගීන්ට ලබා දෙන එකක් බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.
එම ඖෂධය නිසා මරණය සිදුවූ බවට සැකයක් නොමැති බවත් මෙය ඉතා කලාතුරකින් සිදුවන ආසාත්මිකතා කම්පනයක් නිසා සිදුවූ මරණයක් බවට සැක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
උදරයේ අබාධයක් සඳහා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොත්තපිටිය ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක් ඊයේ හදිසියේ මියගියා.
ලබාදුන් එන්නතක් නිසා දියණිය හදිසියේ මියගිය බව ඇයගේ පවුලේ ඥාතින් චෝදනා කර සිටියා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…