දේශීය

පේරාදෙණිය තරුණියගේ මරණය ගැන රෝහල් අධ්‍යක්ෂවරයා කරුණු කියයි..

උදරයේ ආබාධක් හේතුවෙන් ප්‍රතිකාර සදහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය 21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා අදහස් පළ කළා.

මියගිය තරුණියට කිසිදු ආකාරයකින් අධිමාත්‍රා ඖෂධයක් හෝ වැරදි ඖෂධයක් ලබාදීමක් සිදුව නොමැති බව ඒ මහතා අවධාරණය කර සිටියා.

තරුණියගේ ආන්දෝලනාත්මක මියයාම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (13) පැවති මධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.

තරුණියට ලබා දී ඇති Ceftriaxone නැමති ප්‍රතිජීවක ඖෂධය පේරාදෙණිය ඇතුළු ලංකාවේ සියලු රෝහල්වල රෝගීන්ට ලබා දෙන එකක් බවයි වෛද්‍යවරයා පෙන්වා දුන්නේ.

එම ඖෂධය නිසා මරණය සිදුවූ බවට සැකයක් නොමැති බවත් මෙය ඉතා කලාතුරකින් සිදුවන ආසාත්මිකතා කම්පනයක් නිසා සිදුවූ මරණයක් බවට සැක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

උදරයේ අබාධයක් සඳහා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොත්තපිටිය ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණියක් ඊයේ හදිසියේ මියගියා.

ලබාදුන් එන්නතක් නිසා දියණිය හදිසියේ මියගිය බව ඇයගේ පවුලේ ඥාතින් චෝදනා කර සිටියා.

Recent Posts

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

5 hours ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

6 hours ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

4 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

4 days ago