දේශීය

ධනුෂ්කව බලන්න සනත් ඇතුළු පිරිසක් ඕස්ට්‍රේලියාවට

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත ඕස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සුවදුක් බැලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතා ඇතුළු පිරිසක් එරටට ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක සිය නිල ෆේස්බුක් පිටුවේ ද සටහනක් තබා තිබුණා.

file

මෙම ගමන සඳහා අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ මහාචාර්ය අර්ජුන මහතා ද එක්ව තිබේ.

පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරක් අතරතුර එරට කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී ඔහුට එල්ලවී තිබූ චෝදනාවලින් කිහිපයක් අධිකරණය විසින් පසුව නිදහස් කරණු ලැබුවා.

ජූරි සභාවක් නොමැතිව සිය නඩුව විභාග කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පසුගිය දා ධනුෂ්ක ගුණතිලක එරට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago