Wednesday, July 29, 2026
HomeදේශීයUPDATE: බෙහෙතක් විද්දට පස්සේ දරුවා නිල් පාට වුණා - මියගිය තරුණියගේ මව

UPDATE: බෙහෙතක් විද්දට පස්සේ දරුවා නිල් පාට වුණා – මියගිය තරුණියගේ මව

පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුණියක් සැක කටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි තරුණියෙකි.

දියණියගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් ඇයගේ මව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

බඩේ කැක්කුමකට දරුවා බෙහෙත් ගැනීමට 10 වෙනිදා පේරාදෙණිය රෝහලට පැමිණි බවත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු ඇය 7 වාට්ටුවට ඇතුළත් කළ බවත් මව පවසනවා.

එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් තම දියණියට එන්නත් දෙකක් විද්ද බවයි ඇය ප්‍රකාශ කළේ.

එම එන්නත් දෙක විදීමෙන් සුළුවෙලාවක් ගතවත්ම දරුවා නිල් පැහැවී ජීවිතක්ෂයට පත්වූ බව මියගිය දියණියගේ මව පවසනවා.

බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලෙට ගෙනාවේ.දැඩිසත්කාර එකකයේ ඉදලා 17 වාට්ටුවට දැම්මා.3.30ට විතර දරුවට ඉන්ජෙක්ෂන් දෙකක් විද්දා. එක විදිනකොටම දරුවට ඇස් දෙකත් එක්ක මොකක්ද වුණා.
මං කිව්වා කාතාකරන්න දුව කියලා.එයා කිව්වා අම්මේ මොකක්ද වෙන්ඩ එනවා කියලා.

ඒ එක්කම දුව බාත්රූම් එකට දුවගෙන ගියා.මමත් යනවත් එක්කම ළමයා ගිහින් සින්ක් එකට ඔළුව තියා ගත්තා විතරයි. දරුවා නිල් පාට වෙලා.එහෙම්ම කඩා වැටුණා.
මම කෑ ගැහුවා.

එතකොට මිසීලා ළමයව වාට්ටුවට අරන් යන්න හදනකොටම මම ඇහුවා ඔයාලා මොනවද මගෙ ළමයට විද්ද බෙහෙත,ඒ බෙහෙතෙන් තමයි මගෙ ළමයා නිල්වෙලා නැතිවුණේ කියලා.මං කෑ ගහලා කිව්වා.

මට හිටියේ එක දරුවයි.දැන් දරුවා මෝචරියේ.මට දරුවා නැතිවුණා.

READ:   ආනයනික සහල්වල බැර ලෝහ පවතින බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තාවක් ?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්