Friday, July 24, 2026
Homeදේශීයටැක්ටර් රථයක් පෙරළෙයි: තරුණයෙක් මරුට

ටැක්ටර් රථයක් පෙරළෙයි: තරුණයෙක් මරුට

ලග්ගල , රිවස්ටන් මාර්ගයේ ඉලුක්කුඹුර ප්‍රදේශයේදී ලග්ගල සිට රිවස්ටන් දෙසට ධවනය වූ ටැක්ටර් රථයක අමුණන ලද බව්සර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව අනතුරක් සිදුව තිබෙනවා.

කඳු සහිත ප්‍රදේශයකදී රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇත.

ඊයේ (10) සවස සිදුවු මෙම අනතුරින් තුවාල ලැබූ රථයේ රියදුරු ඉලුක්කුඹුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ කලන්කුට්ටිය, බුල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ලග්ගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   රුක්මණී දේවි ඉපදුණු පෙරට්ටාසි රෝහල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්