දේශීය

අඩු වියදමින් තායිලන්තයේ යන ඍජු ගුවන් සේවාව ඇරඹේ..

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර අඩුවියදමින් සෘජු ගුවන් සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම සේවාව ආරම්භ කරමින් ඊයේ (09) රාත්‍රියේ ඒෂියා ගුවන් සේවයේ ඒ.අයි.කිවි – 140 යානය තායිලන්තයේ දොන් මුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කටුනායක වෙත පැමිණියා.

මෙම යානය එයාර්බස් වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි මගීන් 134ක් සහ කාර්යමණ්ඩල 07 දෙනෙකු පැමිණ සිටියා.

නැවත මගීන් 174 දෙනෙකු සමග ගුවන් යානය කටුනායකින් තායිලන්තය බලා පිටත්ව ගියා.

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර සතියකට මෙවැනි ගුවන් ගමන් වාර 04 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ සඳුදා ,බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනවලදී කටුනායක ගුවන්තොටුපොළෙන්.

රාත්‍රී 10.00ට කටුනායක ගුවන්තොටුපොළට පැමිණෙන ගුවන් යානය යළි රාත්‍රී 11.00ට තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

18 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

18 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago