file
හෙද සේවාව සඳහා තවත් සිසු හෙද හෙදියන් 3315 දෙනෙකු බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
මෙලෙස තෝරා ගැනුණු පිරිස සඳහා බඳවා ගැනීමේ ලිපි නිල වශයෙන් ප්‍රදානය කිරීම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් එම අමාත්‍යංශයේදී අද (10) සිදු කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.
මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පත්වීම්ලාභීන් පිරිසකට ලිපි ප්‍රදානය සංකේතාත්මකව අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරෙන අතර එයට අමතරව අනෙකුත් සිසු සිසුවියන් සඳහා එදිනම පත්වීම් ලිපි ලබා දීමට පියවර ගෙන ඇත.
දිවයින පුරා හෙද විදුහල් 15 කදී මෙම සිසු හෙද හෙදියන් සදහා පුහුණුව ලබා දීම සිදු කරයි.
2020 කාණ්ඩය සඳහා තෝරාගත් සිසු හෙද හෙදියන් මෙලෙස බඳවා ගැනෙන අතර 2018/2019 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර සිසුන් 3315 දෙනෙකු සිසු හෙද පුහුණුව සඳහා සුදුසුකම් ලබා ඇත.
එමෙන්ම 2019/2020 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසු හෙද හෙදියන් තෝරා ගැනීම සදහා වන ගැසට් නිවේදනයද ලබන අගෝස්තු මාසයේ නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…