Monday, September 14, 2026
Homeදේශීයඅස්වැසුමට අභියාචනා ඉදිරිපත් කළ හැකි කාලය අදින් අවසන්..

අස්වැසුමට අභියාචනා ඉදිරිපත් කළ හැකි කාලය අදින් අවසන්..

අස්වැසුම සුබසාධන වැඩසටහනට නියමිත අභියාචනා කාලය අදින් (10) අවසන් වෙනවා.

අස්වැසුම වැඩසටහන දිළිදු පවුල් සඳහා ප්‍රතිලාභ ලබා දීමේ අරමුණෙන් රජය ආරම්භ කළා.

එහිදී ප්‍රතිලාභ හිමිවිය යුතු සුදුසුකම් ඇති පිරිසගේ නම් ඇතුළත් කර නොමැති බව ප්‍රකාශ කරමින් රට පුරා ඊට විරෝධතා මතුවීම හේතුවෙන් ඒ සඳහා යළි අභියාචනා ඉදිරිපත් කිරිමට කාලයක් රජය විසින් ලබා දී තිබුණා.

ඒ අනුව අභියාචනා ලක්ෂ 9ක් සහ විරෝධතා 12,000ක් මේ වන ලැබී ඇති බව වාර්තා වෙනවා.

මෙහිදී මාර්ගගත ක්‍රමයට (online) හා ප්‍රදේශිය ලේකම් කාර්යාල හරහා අභියාචනා ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දී තිබුණා.

READ:   ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්