භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්න මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග මහතා නියෝග කර තිබේ.
භික්ෂූන් වහන්සේ නමක් සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් පවතිනවා.
භික්ෂූන්වහන්සේ හා කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කර පිරිසක් පොලු මුගුරුවලින් පහරදෙන ආකාරය එම විඩියෝවේ දක්නට ලැබේ.
භික්ෂුවට ද ඇතැම් පිරිස් එහිදී පොලු මුගුරුවලින් පහර දෙනු දක්නට ලැබේ.
මෙසේ නීතිය අතටගෙන පොලු මුගුරුවලින් පහර දී කාන්තාවන් නිරුවත් කල පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ දින (2023.07.07 ) බස්නාහිර පළාත් ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ට හා නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර ඇත.


