Thursday, July 23, 2026
HomeදේශීයBREAKING NEWS: ප්‍රබල සූර්ය කුණාටුවක් - නාසා අනතුරු අඟවයි

BREAKING NEWS: ප්‍රබල සූර්ය කුණාටුවක් – නාසා අනතුරු අඟවයි

අද (06) රාත්‍රියේ හෝ හෙට (07) උදෑසන සූර්ය කුණාටුවක් ඇතිවිය හැකි බව නාසා විද්‍යාඥයින් පවසනවා.

මෙමගින් ඇතිවන දීප්තිමත් අවුරෝරා ආලෝක කිරණ මගින් ග්‍රීඩ් විදුලි පද්ධතිවලට බලපෑම් ඇතිකළ හැකි බව සඳහන් වෙනවා.

සුර්යා විසින් තම ප්‍රබල ශක්තිය පිටතට නිකුත් කිරීම සූර්ය කුණාටු ඇතිවීමට හේතු වේ.

මෙම තත්ත්වය භූ චුම්භක, චන්ද්‍රිකා මෙහෙයුම්, ගුවන් විදුලි සංඥා සහ අන්තර්ජාල සම්බන්ධතාවලට බාධා ඇති කළ හැකි බව නාසා ආයතනය සඳහන් කරනවා.

මෙම මස ආරම්භයේ සිට මෙවැනි සූර්ය කුණාටු කිහිපයක් ඇතිවිය හැකි බව නාසා විද්‍යාඥයින් වැඩිදුරටත් පවසා ඇත.

READ:   සාමන්‍ය පෙළ විභාගය කල් යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්