Thursday, July 23, 2026
Homeදේශීයකැබ් රථයක ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

කැබ් රථයක ගැටී පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට

පලෙයි පොලිස් වසමේ යාපනය මහනුවර මාර්ගයේ වන්නන්කේණි හන්දිය අසලදී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ කැබ් රථයක් විරුද්ධ දෙසින් පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (05) සවස සිදුවූ එම අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු පලෙයි රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ පලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

අනතුරින් පසු කැබ් රථයේ රියදුරු පලාගොස් සිටියදී පලෙයි පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කිසිදු රාසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් විසිරීමක් සිදුව නෑ - සමුද්‍රීය පරිසර අධිකාරිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්