file
නවසීලන්තයට එරෙහිව පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03) සමත් වුණා.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 31 තුළ කඩුලු 02ක් දැවී ලකුණු 127ක් රැස්කර සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුණා.
ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 29ක් තුළ ලකුණු 196ක ඉලක්කයක් හිමිවුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 26යි පන්දු 5කදී එම ඉලක්කය පසුකර ගියා.
ඒ කඩුලු 02ක් පමණක් දැවී සිටියදී.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රිඩා කළ නායිකා චමරි අතපත්තු පන්දු 80කදී ලකුණු 140ක් රැස් කළා.
ඒ හයේ පහර 9ක් සහ 4 පහර 13ක් සමඟයි.
ඒ අනුව නවසීලන්තයට එරෙහි තරගාවලිය ජයග්‍රාහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත්වුණා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…