දේශීය

ඇසල පුන් පොහෝ දිනය අදයි..

ඇසල පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බෞද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදුවූ සුවිශේෂී පොහෝ දිනයක් ලෙස ඇසල පුන් පොහෝ දිනය හැඳින්විය හැකියි.

සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසළ පුන් පොහෝ දිනකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය හැර මහාභිනිෂ්ක්‍රමණය කිරීම මෙන්ම රාහුල කුමරුන්ගේ උපත සිදුවන්නේ ද අද වැනි ඇසල පොහෝ දිනකදී.

සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙන් පසු බරණැස ඉසිපතන මිගදායේ දී පළමු වරට පස්වග තවුසන් හට ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළේ අද වැනි ඇසල පුන් පොහෝ දිනකයි.

බෞද්ධ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශියක් සිදුව ඇති ඇසල පුන් පොහෝ දිනය ලොව පුරා බෞද්ධ ජනතාව මහත් හරසරින් සමරණු ලබයි.

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

45 mins ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

14 hours ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago