දේශීය

ප්‍රංශයේ ගින්න උස්සන්න වෙයි…

සිව් වන දිනටත් ප්‍රංශයේ විරෝධතා උත්සන්න වී ඇති බවත් සිය ගනනක් වූ විරෝධතාකරුවන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඊයේ රාත්‍රිය වන විට විරෝධතාකරුවන් 471 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාවන් පාලනය සඳහා තවදුරටත් පොලිස් නිලධාරීන් 45,000ක් යෙදවීමට එරට බලධාරීන් තීරණය කිරීමත් සමග ප්‍රචණ්ඩත්වය තවදුරටත් ඉහළයෑමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇල්ජීරියානු සම්භවයක් ඇති 17 හැවිරිදි තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයෑමත් සමඟ ප්‍රංශයේ නගර පුරා මෙම විරෝධතා හටගත්තා.

විරෝධතාකරුවන් ප්‍රංශයේ තුවක්කු ගබඩාවක් කොල්ලකා ඇති බව සඳහන් වන අතර එරට ජනපති එමානුවෙල් මැක්‍රෝන් විසින් හදිසි සාකච්ඡාවක් ඊයේ කැඳවා ඇත.

එම තරුණයාට වෙඩි තබා ඇති පොලිස් නිලධාරියා විසින් තරුණයාගේ පවුලේ අයගෙන් සමාව ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විරෝධතා හටගත් දිනයේ සිට මේ දක්වා විරෝධතාකරුවන් 1,100කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.

රට පුරා ප්‍රවාහන සේවය විරෝධතා හමුවේ ඇණ හිට ඇති බව එරට මාධ්‍ය පවසයි.

file

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

8 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

8 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

18 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

18 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

18 hours ago