Thursday, June 4, 2026
Homeදේශීයවිදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ඉහළට..

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තු ඉහළට..

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගාස්තු අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් සංශෝධනය කර ඇත.

ඒ අනුව එම කාර්යංශයේ ලියාපදිංචි ගාස්තූන් ඉහළ දමා තිබේ.

ජූලි 01 වනදා සිට එම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.

මේ අතර රැකියා සඳහා විදෙස් ගතවන සෑම ශ්‍රී ලාංකිකයෙකුම කාර්යංශයේ ලියාපදිංචි විම අනිවාර්ය කර තිබේ.

විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන යෑමේදී බලපත්‍රය වසරක් සඳහා පමණක් ලබා දෙන බැවින් තවදුරටත් එම ආයතනය පවත්වාගෙන යන්නේ නම් බලපත්‍රය දීර්ඝ කිරීම සඳහා කාර්යාංශයේ අනුමැතිය ලබාගැනීමේ විධි විධාන අනුගමනය කළ යුතු බව සඳහන්.

වැඩිදුර විස්තර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ 1989 අංකය ඇමතීමෙන් ලබාගත හැකියි.

සංශෝධනය කර ඇති ගාස්තූන් පහතින්,

  • විදේශ රැකියා ලාභීන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව

පැවති ගාස්තුව – රු. 17,928.00 (බදු සහිතව)

නව ගාස්තුව – රු. 21,467කි. (බදු සහිතව)

  • ලියාපදිංචිය නැවත අලුත් කිරීමේ ගාස්තුව

පැවති ගාස්තුව – රු.3,774.00 (බදු සහිතව)

නව ගාස්තුව – රු. 4,483.00 කි. (බදු සහිතව)

  • රැකියා නියෝජිත ආයතන බලපත්‍රය අලුත් කිරීමේ ගාස්තුව

පැවති ගාස්තුව – රු. 58,974.00 (බදු සහිතව)

නව ගාස්තුව – රු.117,949.00 කි. (බදු සහිතව)

READ:   BMICH එකට වසර 50යි: විශේෂ සමරු මුද්දරයක් නිකුත් කෙරේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්