Monday, July 27, 2026
Homeදේශීයලොතරැයි අලෙවි නියෝජිතයන් සේවයෙන් ඉවත් වීමට තීරණය කරයි..

ලොතරැයි අලෙවි නියෝජිතයන් සේවයෙන් ඉවත් වීමට තීරණය කරයි..

ලොතරැයි අලෙවී නියෝජිතයින් ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බව ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා.

ලොතරැයිය මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ වීමේ අවදානමක් ඇතිව ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.

ඒ අනුව එළඹෙන 06 වනදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත්ව සිය විරෝධය දක්වන බව එම සංගමය ප්‍රකාශ කළා.

ජූලි 06 වනදා සිට ලොතරැයියක මිල රුපියල් 40 ක් දක්වා ඉහළ දමා ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය ඊයේ (29) පැවසුවා.

READ:   විපක්ෂයේ මන්ත්‍රී රන්ජන්ට වසර 4ක සිර දඬුවම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්