දේශීය

සුපිරි 6 වටයේ පළමු ජය සිම්බාබ්වේ කණ්ඩායම වාර්තා කරයි..

ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් හය දෙනාගේ වටය ආරම්භ කරමින් අද සත්කාරක සිම්බාබ්වේ සහ ඕමානය තරග බිමට පිවිසියා.

එම තරගය ලකුණු 14 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

කාසිය වාසිය දිනු ඕමාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 332ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Sean Williams පන්දු 103කදී ලකුණු 142ක් රැස් කළා.

luke Jongwe නොදැවී ලකුණු 48 (28) ක් සහ Sikandar Raza ලකුණු 42 (49) ක් වශයෙන් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී රැස් කළේ ලකුණු 318ක් පමණයි.

ඕමානය වෙනුවෙන් සතකයක් වාර්තා කිරීමට Kashyap Prajapati සමත් වුණා.

ඔහු පන්දු 97 කින් ලකුණු 103ක් රැස් කරමින් එම සතකය වාර්තා කළා.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

9 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

9 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

1 day ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

1 day ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

3 days ago