දේශීය

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ කොටස් හමුවූ බවට සැකයක්?

file

ටයිටන් සබ්මැරීනයේ විසිරී ගිය සුන්බුන් අතර මිනිස් අවශේෂ කොටස් හමුවූ බවට සැක කරන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසනවා.

ඊයේ දිනයේ ටයිටන් යාත්‍රාවේ සුන්බුන් විශාල ප්‍රමාණයක් ගොඩ ගත් අතර එහිදී යාත්‍රාවේ රාමුව සහ පිටුපස කොටස් ද හමු වුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයින් දේහ කොටස් පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදුකරනු ඇති බවටයි.

අමෙරිකානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් වන කපිතාන් ජේසන් නියුබවර් ප්‍රකාශ කර ඇත්තේ මේ අනතුරට හේතුව සෙවීමේ පළමු අදියර මේ වනවිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව ‌ගොඩගත් සුන්බුන් කොටස් අමෙරිකාව වෙත ඉක්මණින්ම ප්‍රවාහනය කිරීමට නියමිතයි.

file

කපිතාන් ජේසන් නියුබවර් ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ “ටයිටන් නෞකාවේ විනාශකාරී අලාභයට හේතු වූ කරුණු අවබෝධ කර ගැනීමට සහ එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවීමට වගබලා ගැනීමට සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කළ යුතුව ඇති” බවයි.

ටයිටන් සබ්මැරීනයේ සිටි පස් දෙනා මිය ගියේ උතුරු අත්ලාන්තික් සාගරයේ අඩි 12,500 ගැඹුරේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීමට ගොස් සිටියදීයි.

එහිදී මිනිත්තු 90 ක් පමණ කිමිදීමෙන් පසු යාත්‍රාවේ සිටි පස්දෙනාම ජුනි 18 වන දින මිය ගියා.

මේ වනවිට ටයිටැනික් නෞකාව අසල විශාල සුන්බුන් අතර තිබී සබ්මැරීනයේ ප්‍රධාන කොටස් 05ක් සොයාගෙන ඇති බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසනවා.

මෙම සුන්බුන් ගොඩ ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුයේ කැනේඩියානු නෞකාවක් විසින්.

ඒ, නෞකාවේ සිට දුරස්ථ පාලකයක් හරහා ක්‍රියාත්මක වන රොබෝ යාත්‍රාවක් මගින්.

තවදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

3 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago