දේශීය

සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් SLIM NASCO සම්මාන 9කින් පිදුම් ලබයි.

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින විධායක ශ්‍රේණියේ අති විශිෂ්ඨ සම්මානය ඇතුලු රන් සම්මාන 4ක් රිදී සම්මාන 02ක් ලෝකඩ සම්මාන 2ක් ඇතුළු සම්මාන 09ක් දිනා ගැනීමට සමත් විය.

බැංකු නොවන මුල්‍ය සේවා කාණ්ඩය යටතේ කණ්ඩායම් විධායක අංශය(Sales Executive), තනි පුද්ගල ව්‍යාපාර අංශය (Front Liner), සහ අලෙවි කළමනාකරුවන්ගේ අංශය (Territory Manager) යන අංශ තුන සඳහාම සදාහරිත සමාගමේ අලෙවි වෘත්තිකයන් තරග කල අතර එම අංශ තුනෙන්ම ජයග්‍රහණ හිමි කර ගැනීමට ඔවුන් සමත් විය.

2021 විධායක කාණ්ඩයේ අති විශිෂ්ටතා සම්මානය හෝමාගම අංක 01 ශාඛාවේ දිස්නා ශාමලී මහත්මිය දිනා ගත්තාය. මූල්‍ය සේවා කාණ්ඩය යටතේ විකුණුම් විධායක කාණ්ඩයේ රන් සම්මාන දිස්නා ශාමලි මහත්මිය ද සිල්ව සම්මාන වත්තල 03 අංක ශාඛාවේ  ඩබ්ලිව්.ඒ.ශ්‍රීමාලි මහත්මියද දිනා ගත්තාය. ඉදිරි පෙළ කාණ්ඩය යටතේ 2021 රන් සම්මානය ජ්‍යෙෂ්ඨ සබඳතා කළමනාකාර සිතුම් වනිගසේකර මහතාවිසින් දිනා ගත්තේය. එසේම ඉදිරි පෙළ කාණ්ඩය යටතේ 2022 රන් සම්මානය හෝමාගම අංක 02 ශාඛාවේ (අලෙවි ප්‍රවර්ධන නිලධාරි) ඔෂිනි පෙරේරා මෙනවිය විසින් දිනා ගන්නා ලදී. ඉදිරි පෙළ කාණ්ඩය යටතේ 2021 ලෝකඩ සම්මාන නගර ශාඛ අංක 01 හි ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකාර  අමිල රොෂාන් මහතා හිමිකර ගත්තේය. ඉදිරි පෙළ කාණ්ඩය යටතේ 2022 සිල්වාසම්මානය වත්තල අංක 03 ශාඛාවේ අලෙවි ප්‍රවර්ධන නිලධාරි ෂෙහාන් පින්ටෝ මහතා දිනා ගත්තේය. කලාපීය කළමනාකරණ කාණ්ඩය 2021 යටතේ ලෝකඩ පදක්කම ඇඹිලිපිටිය ශාඛාවේ ශාඛා කළමනාකාර සුමුදු සම්පත් මහත්මා දිනා ගත්තේය. කලාපීය කළමනාකරණ කාණ්ඩය 2022 යටතේ රන් පදක්කම ජ්‍යෙෂ්ඨ සබඳතා කළමනාකාර එල්. ගෝපිකාන්තන් මහතා විසින් දිනා ගත්තේය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය NASCO Award Ceremony 2022/2022 සම්මාන උළෙල පවත්වන ලද්දේ 21 වන වරට වන අතර සදාහරිත සමාගම මේ සඳහා සහභාගී වූ පස්වන වර්ෂය මෙය වේ. 2017 වසරේ සිට සදාහරිත සමාගම අඛණ්ඩව මෙම 05 වසර පුරාම NASCO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වී ඇති අතර සමාගම විශිෂ්ටතම ජයග්‍රහණ හිමිකරගත් වසර ලෙසද මෙවර සම්මාන උළෙල සනිටුහන් වේ.

මෙවර සම්මාන උළෙලේදී හිමිකරගත් ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සදාහරිත සමාගමේ අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම සුරක්ෂිත කරන ලද සමාගම ලෙස සඳහන් කිරීමට ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වනවා. ඊට හේතුව වනනේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිම පසුගිය වසරේදී සිදු කරනු ලැබීමයි. අපගේ වටිනා පාරිභෝගික ප්‍රජාව අප කෙරෙහි තබන විශ්වාසයට අප මෙතෙක් පැමිණි කීර්තිමත් ගමන් මග, සමාගමේ මුල්‍ය ස්ථාවරත්වය, ඉහළ ප්‍රතිලාභ මෙන්ම අපගේ සියලුම වෘතිකයන්ගේ වෘත්තිමය භාවය හේතු වී තිබෙනවා.’’

ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ  ප්‍රමුඛයා වශයෙන් දශක දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇත. හරිත ආයෝජන හරහා ජනතාවට ආයෝජන සැලසුම් පිරිනමමින් සමාගම මෙතක් පැමිණි ගමන් මග තුල 30,000කට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් 30කට අධික ශාඛා ජාලයක් හරහා උසස් හා ගුණාත්මක සේවාවක් ක්‍රියාත්මක කරමින් සිටි.

සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී (පුහුණු හා ජාල සංවර්ධන) නිරෝෂන් මානවඩු මහතා සිය සමාගමේ අලෙවිකරණ කණ්ඩායම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “සමාගමක් වශයෙන් අපි අපගේ අලෙවිකරණ කණ්ඩායම ඇතුළු සියලු සේවක මඩුල්ලටම සිය වෘත්තීය ජිවිතයේ ඉහළට ගමන් කිරීමට අවශ්‍ය අත්වැල සැපයීමට නිරතුරුව කැපවී සිටිනවා. අපගේ සභාපති සතිස් නවරත්න මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා අප සමාගම අතර පවතින අවබෝධතාවය අනුව මේ වන විට අලෙවිකරණ ජාතික ඩිප්ලෝමාධාරින් 40කට ආසන්න ප්‍රමාණයක් සහ අලෙවිකරණය වෘත්තීය පාඨමාලාව (PCM) හදාරා වෘත්තිමය අලෙවිකරණයේ යෙදෙන වෘත්තිකයන් 150කට අධික පිරිසකගෙන් සදාහරිත සමාගම සවිබල ගැන්වී තිබෙනවා. මෙවර NASCO සම්මාන ජයග්‍රාහකයින් සදාහරිත වාර්ෂික සම්මාන උළෙලේදී ඉහළින්ම අගය කෙරුණු අතර ඔවුන්ට නැවතත් සුබ පැතුම් එක් කිරීමට කැමතියි.

අවසානයි

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

19 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

20 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago