දේශීය

හජ් උත්සවය අදයි..

ඉස්ලාම් ජනතාවගේ සුවිශේෂී උත්සවයක් වන හජ් උත්සවය අදට (29) යෙදී තිබේ.

පසුගියදා නව සඳ බැලීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය විසින් අද දිනයට එම උත්සවය යෙදෙන බව නිවේදනය කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හජ් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු නැවුම් අපේක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදී ඇති අවස්ථාවේ සමරන මෙවර හජ් උත්සවය වෙනදාටත් වඩා සුවිශේෂී වන බව ඒ මහතා පවසනවා.

හජ් උත්සවය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ පණිවිඩය පහතින්,

අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයකින් පසු නැවුම් අපේක්ෂා සහිත අනාගතයක් උදෙසා ප්‍රයත්නයක යෙදෙන මොහොතක 2023 වර්ෂයේ එළැඹි හජ් උත්සවය අන් කවරදාටත් වඩා අපට සුවිශේෂ වේ.

දුකෙහි ගැලී සිටින ජනයා එම දුෂ්කරතාවයෙන් මුදා ගැනීමට අපේක්ෂාවකින් තොරව ඉදිරිපත්වීමේ සහ ඊට විසඳුම් සෙවීමේ මානුෂීය මෙහෙවරක නිරතවීමේ අගය, තෘප්තිය හජ් උත්සවයෙන් පිළිඹිඹු කෙරේ.

කැපවීමේ සහ පරිත්‍යාගයේ ඓතිහාසික සර්වකාලීන සංකේතය ලෙස ඉබ්‍රාහිම් නබිතුමාත්, එතුමාගේ පුත් ඉස්මායිල් නබිතුමාත්, හාජර් මව්තුමියත් සැලකේ. ඔවුහු ශතවර්ෂ ගණනාවක් සමස්ත ලෝකවාසී ජනතාවගේ ගෞරවයට ලක්වනුයේ ඔවුන් සිදුකළ කැපකිරීම්වලට කෘතවේදීත්වය ඵල කිරීමක් ලෙසිනි.

මෑත අතීතය තුළ ශ්‍රී ලංකාව පැවතියේ ද එබඳු දුෂ්කර තත්ත්වයක හෙවත් පසුබිමකය. එම දුෂ්කරතා මඟහැර රට වර්තමාන තත්ත්වයට පමුණුවා ගැනීම සඳහා ජනතාව කළ පරිත්‍යාගය, කැපවීම සහ ඉවසීම අතිශය සාධනීය හේතුවක් විය. ඔබ කළ කැප කිරීමටත් ඒ අතිශය තීරණාත්මක අවදිය සිහිපත් කිරීමටත්, හජ් උත්සවය වඩාත් උචිත අවස්ථාවක් ලෙස මම දකිමි.

එළැඹෙන හජ් සමය වන විට පවතින ආර්ථික, සමාජීය දුෂ්කරතාවන්ගෙන් සම්පූර්ණයෙන් මිදීමට සියලු දෙනාගේ දායකත්වය, මැදිහත්වීම සහ සහභාගීත්වය අතිශය වැදගත් වේ. කලාපීය සහ ගෝලීය ඉලක්ක ළඟා කර ගැනීමට සියලු දෙනා එක්ව සාමූහික අරමුණකට අත්වැල් බැඳගන්නැයි හජ් උත්සව සමයේදී ද මම ඔබට ආරාධනා කරමි.

වැඩිහිටි අපි අත්විඳින දුෂ්කරතා අනාගත පරපුරට නොතබා, ඔවුන් තිරසර සතුටක් සහිත ගෝලීය සමාජයේ ගෞරවයට ලක්වන අභිමානවත් ජාතියක් ලෙස ඔසවා තැබීමට කටයුතු කිරීමේ වැදගත්කම වත්මන් වැඩිහිටි සහ තරුණ ඔබට මේ අසිරිමත් හජ් උත්සවයේ දී සිහිපත් කරමි.

එළැඹි හජ් උත්සවය ශ්‍රී ලාංකේය ඉස්ලාමීය සහෝදර ජනයා සහ ගෝලීය ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු සැමට සුබ ප්‍රීතිමත් උත්සවයක් වේවා! යි ප්‍රාර්ථනා කරමි.

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

7 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

8 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

8 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago