අස්වැසුම වැඩසටහන මගින් ප්‍රතිලාභ ලැබිය යුතු සුදුසුකම් ඇති පිරිසට ප්‍රතිලාභ නොලැබීයෑම අසාධාරණ බව පොදුජන පෙරමුණ පෙන්වා දෙනවා.
පොදුජන පෙරමුණේ ජගත් කුමාර මහතා අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසුවා.
ඒ අනුව එම ප්‍රශ්නයට මැදිහත් වී ප්‍රතිලාභ අහිමිවීමෙන් අසාධාරණයට පත්ව සිටින ජනතාවට සාධාරණයක් ඉටු කර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලීම් කළ බව ඒ මහතා මාධ්‍යට පැවසුවා.
ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කරන බවත් පක්ෂයක් විදිහට ජනතාවට සාධාරණය ඉටු කර ගැනීම සඳහා සහය ලබා දෙන බවත් පවසා තිබේ.
ඒ අනුව ” අස්වැසුම” ප්‍රතිලාභ වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.


