දේශීය

කැනඩා වීසා පෙන්වා මුදල් වංචා කළ පිරිසක් අත්අඩංගුවට

කඩවත ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ව්‍යාජ වීසා ලබාදෙන
ස්ථානයක් කොළඹ වංචා විමර්ශන කාර්යංශය වටලා තියෙනවා.

පොලීසිය පැවසුවේ මොවුන් කැනඩාවේ යවන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන්
විශාල වශයේන මුදල් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ල මත මෙම
වැටලීම සිදුකළ බවයි.

මෙහිදී සැකකරුවෙකු සහ සැකකාරියන් පස්දෙනෙකු පොලිස් භාරයට ගෙන තියෙනවා.
කඩවත පිහිටි අදාල ගොඩනැගිල්ලේ පිහිටි මොවුන්ගේ කාර්යාලයේදී ව්‍යාජ ලේඛන සකස්
කරන මාධ්‍යස්ථානයක්ද පවත්වගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

මොවුන් ව්‍යාජ තැන්පතු සහතික, ගිණුම් ප්‍රකාශන, විවිධ පාස් පොත්, තානාපති කාර්යාල
වෙත යැවීමට සකස් කර තිබු වත්කම් සම්බන්ධ ලේඛන ද ව්‍යාජ ලෙස සකස් කළ
නිල මුද්‍රාද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශාල මුදල් ප්‍රමාණයක්ද මෙහිදී පොලිස් බාරයට ගෙන ඇති අතර මොවුන් කැනඩාවේ
ස්ටුඩන්ට් වීලා ලබාදෙන බව පවසමින් මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් වංචා කිර ඇති බවයි
පොලීසිය වැඩි දුරටත් පැවසුවේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

1 day ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

1 day ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago