කඩවත ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ව්‍යාජ වීසා ලබාදෙන
ස්ථානයක් කොළඹ වංචා විමර්ශන කාර්යංශය වටලා තියෙනවා.
පොලීසිය පැවසුවේ මොවුන් කැනඩාවේ යවන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන්
විශාල වශයේන මුදල් වංචා කර ඇති බවට ලැබුණු පැමිණිල්ල මත මෙම
වැටලීම සිදුකළ බවයි.
මෙහිදී සැකකරුවෙකු සහ සැකකාරියන් පස්දෙනෙකු පොලිස් භාරයට ගෙන තියෙනවා.
කඩවත පිහිටි අදාල ගොඩනැගිල්ලේ පිහිටි මොවුන්ගේ කාර්යාලයේදී ව්‍යාජ ලේඛන සකස්
කරන මාධ්‍යස්ථානයක්ද පවත්වගෙන ගොස් ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.
මොවුන් ව්‍යාජ තැන්පතු සහතික, ගිණුම් ප්‍රකාශන, විවිධ පාස් පොත්, තානාපති කාර්යාල
වෙත යැවීමට සකස් කර තිබු වත්කම් සම්බන්ධ ලේඛන ද ව්‍යාජ ලෙස සකස් කළ
නිල මුද්‍රාද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශාල මුදල් ප්‍රමාණයක්ද මෙහිදී පොලිස් බාරයට ගෙන ඇති අතර මොවුන් කැනඩාවේ
ස්ටුඩන්ට් වීලා ලබාදෙන බව පවසමින් මෙලෙස විශාල මුදල් ප්‍රමාණයක් වංචා කිර ඇති බවයි
පොලීසිය වැඩි දුරටත් පැවසුවේ.


