දේශීය

ප්‍රබල කොදෙව්වන්ට නෙදර්ලන්තයෙන් ප්‍රහාරයක්: සුපිරි ඕවරය කොදෙව්වන් පරාජය කරයි..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නෙදර්ලන්තය අතර පැවතී තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

ඒ ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුපිරි ඕවරය තුළ පරාජයට පත් කරමින්.

පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 374 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 09 ක් දැවී ලකුණු 374 ක් රැස් කිරීම හේතුවෙන් කණ්ඩායම් දෙක සඳහා සුපිරි ඕවර අවස්ථාව ලබා දීමට විනිසුරුවන් තීරණය කළා.

ඒ අනුව සුපිරි ඕවරය ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම එම ඕවරය තුළ ලකුණු 30 ක් ලබා ගත්තා.

ඒ Logan van Beek ගේ සුපිරි පිතිකරණයෙන්.

ලකුණු 31ක් ලබා ගැනීමට පිටියට පිවිසි කොදෙව් කණ්ඩායමට සුපිරි ඕවරය තුළ දී රැස්කරගත හැකි වූයේ ලකුණු 8 ක් පමණයි.

ඕවරය තුළ කඩුලු දෙකක් ද දවා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

2 days ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

3 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

4 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

4 days ago