file
එකම අංක තහඩු අංකයක් සහිත ත්‍රී රෝද රථ දෙකක් ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනිගත්හේන ප්‍රදේශයේ සිට පොල්පිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පොලිසිය විසින් නතර කර පරික්ෂා කිරීමේදී එහි අංක තහඩුව ව්‍යාජ එකක් යන්න සැක සිතී පසුව එය තහවුරු වීමෙන් එම රථය සහ රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
පසුව එම වාහන අංකය පිළිබඳව තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂා කිරීමේදී එම අංකයට තවත් ත්‍රී රෝද රථයක් වැලිවේරිය ප්‍රදේශයේ ඇති බව අනාවරණය වීමෙන් එම රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ලියකියවිලි පරික්ෂා කර තිබේ.
මෙහිදී ගිනිගත්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථයෙහි අංක තහඩුව සහ ලියකියවිලි ව්‍යාජ බව අනාවරණය වී ඇත.
ඒ අනුව එම ත්‍රී රෝද රථයේ සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…