දේශීය

අරුම පුදුම ත්‍රී රෝද රථ දෙකක්

එකම අංක තහඩු අංකයක් සහිත ත්‍රී රෝද රථ දෙකක් ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිගත්හේන ප්‍රදේශයේ සිට පොල්පිටිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක් පොලිසිය විසින් නතර කර පරික්ෂා කිරීමේදී එහි අංක තහඩුව ව්‍යාජ එකක් යන්න සැක සිතී පසුව එය තහවුරු වීමෙන් එම රථය සහ රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම වාහන අංකය පිළිබඳව තොරතුරු මෝටර් රථ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂා කිරීමේදී එම අංකයට තවත් ත්‍රී රෝද රථයක් වැලිවේරිය ප්‍රදේශයේ ඇති බව අනාවරණය වීමෙන් එම රථයද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ලියකියවිලි පරික්ෂා කර තිබේ.

මෙහිදී ගිනිගත්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ත්‍රී රෝද රථයෙහි අංක තහඩුව සහ ලියකියවිලි ව්‍යාජ බව අනාවරණය වී ඇත.

ඒ අනුව එම ත්‍රී රෝද රථයේ සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (27) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

20 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

20 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago