Sunday, October 18, 2026
Homeදේශීයගණිකා නිවාසයක් වටලයි

ගණිකා නිවාසයක් වටලයි

රාගම, සිරිවර්ධන පාර ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් රාගම පොලිසිය විසින් වටලා තිබේ.

එහිදී එම ගණිකා නිවාසය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 25, 28 සහ 32 වයස්වල පසුවන ඉබ්බාගමුව, මහව සහ වැලිඔය යන ප්‍රදේශවල අය වේ.

සැකකාරියන් අද (24) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් එලෙසම ක්‍රියාත්මකයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්