Sunday, October 18, 2026
Homeදේශීයකුඩා දරුවන්ට ත්‍රීපෝෂ නැතුව දැනට අවුරුද්දක්

කුඩා දරුවන්ට ත්‍රීපෝෂ නැතුව දැනට අවුරුද්දක්

මාස 6ට වැඩි අවුරුදු 3ට අඩු ළමයින්ට ත්‍රිපෝෂ ලබා දීම වසරකට අධික කාලයක සිට ඇණහිට ඇති බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

මෙය දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති කරන්නක් බව එම සංගමය පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද ඒ සදහා කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බව සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවා.

මන්දපෝෂණ තත්ත්වය මෑත කාලීනව ඉහළ යමින් ඇති පසුබිමක බලධාරීන් මේ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි ඇය සඳහන් කළේ.

READ:   ලොව වයස්ගතම පුද්ගලයා මියයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්