Wednesday, April 15, 2026
HomeදේශීයBREAKING NEWS: රුසියාවේ යුධ ගිනි ඇවිලෙයි

BREAKING NEWS: රුසියාවේ යුධ ගිනි ඇවිලෙයි

file

රුසියානු රජය හා රුසියානු වැන්ගර් කුලී හේවා බළකායේ ප්‍රධානියා අතර ඇතිවූ මතභේදයක් මේ වන විට යුධමය තත්වයක් දක්වා දුර දිග ගොස් තිබේ.

රුසියානු හමුදා නායකත්වය පෙරළා දැමීම සඳහා තම කණ්ඩායම කෙලෙස හෝ කටයුතු කරන බව වැන්ගර් බළකායේ ප්‍රධානියා පවසා ඇත.

මීට හේතුව රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සහ වැග්නර් කුලී හේවා බළකායේ ප්‍රධානියා අතර ගැටලුකාරී තත්වයක් ඇතිවීමයි.

යුක්‍රේනයට එරෙහි ගැටුම් අතරතුර රුසියාවට සහය දැක්වූ වැග්නර් කණ්ඩායමට අයත් ප්‍රදේශයකට රුසියානු හමුදාව විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට වන සිද්ධියක් හේතුවෙන් මෙම අර්බුදය ඇතිව තිබේ.

රුසියානු රජ්‍ය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

මේ අතර රුසියාවට විරුද්ධව සන්නද්ධ අරගල සිදුකරන සියලු කණ්ඩායම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් වැග්නර් කුලී හේවා බළකාය මේ වන විටත් රුසියාව තුළ යුධමය තත්වයකට මුලපුරා ඇත.

මෙම තත්වය හේතුවෙන් රුසියාව හදිසි ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.

කෙසේවෙතත් වැග්නර් කුලී හේවායන් රොස්තොව් සහ මොස්කව් අතර Voronezh හි පිහිටි රුසියානු හමුදා මූලස්ථානයක් අත්පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ වන විට Voronezh හි තෙල් ගබඩාවක විශාල ගින්නක් ඇතිව තිබේ.

එම ප්‍රදේශය වැග්නර් සටන්කාමීන් විසින් අල්ලා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

file
file
file
file
READ:   ඉන්දීය සුපිරි නළු විජයට වසර 5ක සිරදඬුවම්?
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්