Wednesday, March 25, 2026
Homeක්‍රීඩාඉන්දීය ක්‍රීඩකයෙකුගෙන් උපන් ගමට තෑග්ගක්

ඉන්දීය ක්‍රීඩකයෙකුගෙන් උපන් ගමට තෑග්ගක්

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක තංගරසු නටරාජන්ගේ වියදමින් ඉදිකළ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඔහුගේ උපන් ගම වූ සේලම් දිස්ත්‍රික්කයේ ච්න්නපම්පට්ටි හිදී විවෘත කර තිබෙනවා.

මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීම ඊයේ (23) සිදුකර ඇති අතර ඒ සඳහා ඉන්දීය සුපිරි ක්‍රීඩක දිනේෂ් කාර්තික් ද එක්වූ බව ඉන්දීය වාර්තා පවසනවා.

මේ අතර නටරාජන් මේ වන විටත් ආරම්භ කර ඇති ඔහුගේ ක්‍රිකට් ඇකඩමිය හරහා ග්‍රාමිය තරුණ තරුණියන් ක්‍රිකට් ක්‍රීඩාව යොමුකර ගැනීමට අපේක්ෂා කරනවා.

ඔහු විසින් ඉදිකළ මෙම ක්‍රීඩාංගණය තණතීරු හතරක්, පුහුණු තණතීරු දෙකක්, ව්‍යායාම් ශාලාවක්, ආපන ශාලාවක් සහ කුඩා ප්‍රේක්ෂකාගාරයකින් ද සමන්විතයි.

READ:   සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්