දේශීය

වනිඳු ඕමාන් පිලට ක්‍රිකට් එපා කරවයි: ශ්‍රී ලංකාවට ලකුණු 99ක ඉලක්කයක්..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමානය අතර තරගය මේ වන විට සිම්බාබ්වේ හිදී පැවැත්වෙනවා.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඕමාන කණ්ඩායම පන්දුවාර (30.2) ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකණු 98ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13 කට කඩුලු 05ක් දවා ගත්තා.

මීට අමතරව ලහිරු කුමාර කඩුලු 03 ක් සහ කසුන් රාජිත 01 කඩුලක් දවා ගත්තා.

ඕමානය වෙනුවෙන් Ayaan Khan පන්දු 60කදී ලකුණු 41 රැස් කළා.

තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 99 ක ඉලක්කයක් හබා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.

Recent Posts

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

1 day ago

ඔනර්බ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් ලෙස වර්ධනය වෙයි. තත්ත්වය මෙරටට බලපාන්නේ කෙසේද?

ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් ⁣කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…

2 days ago

ඉදිරිදින කිහිපයේ දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක්

තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…

3 days ago

ජලාශ ජල මට්ටම් ඉහළ ගියද ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…

3 days ago