Thursday, August 13, 2026
Homeදේශීයයුද හමුදා බස් රථයක ගැටී දැරියක් මියයයි

යුද හමුදා බස් රථයක ගැටී දැරියක් මියයයි

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ කැස්බෑව සමුපකාර ගබඩාව අසලදී යුද හමුදා බස් රථයක් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අද (22) උදෑසන සිදුවූ අනතුරින් යතුරුපැදිකාරිය හා ඇගේ දියණිය බරපතළ තුවාල ලබා බණ්ඩාරගම රෝහලට ඇතුළත් කිරීමේදී දියණිය මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 04 ක් වන අළුබෝවිල ප්‍රදේශයේ දැරියකි.

වයස අවුරුදු 31 ක් වන තුවාලකාරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   වයින් ස්ටෝර්ස් තව පැයක්වත් අරින්න - ඩයනා ගමගේ (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්