Friday, September 11, 2026
Homeදේශීයවිමල් වීරවංශ අධිකරණයට

විමල් වීරවංශ අධිකරණයට

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) අධිකරණය හමුවේ පෙනි සිට තිබෙනවා.

ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා වරෙන්තු නිකුත් කර තිබුණා.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය නිරතව සිටියදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වීමෙන් මහජන පීඩාවක් සිදුකර ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා ලැබ සිටී.

READ:   කුකුළු මස් මිල පහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්